
(සුමිත් පොතුපිටිය)
සාදයකට ගොස් එමින් සිටියදී නිදිමත නිසා යතුරුපැදිය නවතා නිදාසිටි යුධ හමුදා කපිතාන් වරයෙක්ගේ යතුරුපැදියක් ඊයේ (07) රාත්‍රි සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි .
පනාගොඩ යුධ හමුදා කදවුරේ රාජකාරි කරන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි කපිතාන් වරයෙක් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය පවසයි .
කපිතාන් වරයා පනාගොඩ ප්‍රදේශයේ සාදයකට ගොස් එමින් සිටියදී ඇතිවූ අධික නිදිමත නිසා යතුරුපැදිය පානදුර කන්දසාමි කෝවිල ළග නතරකර නිදාසිට ඇතැයි පොලිසිය පවසයි .
යතුර, යතුරුපැදියේ යතුරු කටේ තිබී ඇති අතර කිසියම් පුද්ගලයකු එය රැගෙන යන අයුරු ආරක්ෂක කැමරාවක පටිගතව ඇති බවද සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය පවසයි .

